බස් රියදුරුට පහර දුන් දකුණු පළාත් සභා මන්ත්‍රී සහ බිරිය 13 දක්වා රිමාන්ඩ් - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

ADS

Sunday, March 11, 2018

බස් රියදුරුට පහර දුන් දකුණු පළාත් සභා මන්ත්‍රී සහ බිරිය 13 දක්වා රිමාන්ඩ්

බස් රියදුරුට පහර දුන් දකුණු පළාත් සභා මන්ත්‍රී සහ බිරිය 13 දක්වා රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

තලංගම කොස්වත්ත මංසන්ධියේදී පෞද්ගලික බස් රථ රියැදුරෙකුට පිස්තෝලයකින් පහරදී තුවාල සිදුකර සාපරාධී බියගැන්වීමක් සිදුකළැයි කියන සිද්ධියට අදාළ දකුණු පළාත් සභා මන්තී‍්‍ර එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිද තාරකා පෙරේරා ලබන (13)  දක්වා රක්ෂිත බන්ධනගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත‍්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා නියෝග කළේය.

තලංගම පොලීසිය විසින් මෙම සැකකරුවන්, තුවක්කු ආඥාපනතේ 44 (අ) සහ 44 (ආ)  සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 314 හෝ 316 වගන්ති යටතට ගැනෙන වැරදි  සිදුකර ඇතැයි සදහන් කරමින් අධිකරණය වෙත බී වාර්තාවක් සමඟ  ඉදිරිපත් කර තිබිණි.

එසේම, මෙම සිද්ධියට අදාළ පැමිණීලිකාර පුද්ගලික බස් රථ රියැදුරා තමන්ට පහර දුන් බවට දකුණු පළාත් සභා මන්තී‍්‍ර එම්. කේ. කසුන් මහතා විසින් පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබූ අතර, එම සිද්ධියද අධිකරණය හමුවේ කැදවනු ලැබීය. 

ඒ අනුව දණ්ඩ නිති සංග‍්‍රහයේ 314 හෝ 316 වගන්ති සමග කියැවෙන වරදක් මෙම සැකකරු සිදුකර ඇතැයි කියමින් පොලීසිය අදාළ බස් රථයේ රියැදුරු වූ කොළොන්නේ පදිංචි මිලින්ද සනත් සුගතපාල යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේය. 

එහිදී රුපියල් ලක්ෂ දෙකබැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට  මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකරුට නියෝග කළේය.

No comments:

Post a Comment