2018 ජාතික පොසොන් සතිය ඇරබේ - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

ADS

Saturday, June 23, 2018

2018 ජාතික පොසොන් සතිය ඇරබේ

poson
මෛත්‍රියෙන් සිත් නිවමු
මෛත්‍රියෙන් සිත් නිවමු’ යන තේමාව කර ගත් මෙවර ජාතික පොසොන් උත්සව සතිය අද (24) ආරම්භ කෙරේ.

මේ අනුව අද (24) ආරම්භ වන පොසොන් සතිය ලබන තිස්වැනි දා (30) අවසන්වේ. අනුබුදු මිහිදු මා හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කරවීම සිහිකරමින් අනුරාධපුර ජය ශ්‍රී මහා බොධීන් වහන්සේ, රුවන්වැලි මහා සෑය ඇතුළු අටමස්ථානයන්හි මෙන්ම මිහින්තලා රාජමහා විහාරය, තන්තිරිමලය රාජමහා විහාරය කේන්ද්‍රකර ගනිමින් පින්කම් රැසක් සිදු කරලීමට ද කටයුතු සංවිධාන කර තිබේ.

මේ පිළිබඳ සාකච්ඡාවක් ඉකුත් දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමිගේ අනුශාසනා පරිදි අනුරාධපුර අතිරේක දිසාපති කීර්ති ගමගේ මහතා ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

වාර්ෂිකව සිදු කරන පැන් පෙරහරින් අනතුරුව ලබන විසිතුන්වැනි දින රාත්‍රී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී සති පිරිත් දේශනය ආරම්භ වේ. මෙවර පොසොන් සමයේ අනුරාධපුර, මිහින්තලය, තන්තිරිමලය ඇතුළු සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට දිවයිනේ නන්දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අවශ්‍ය ජලය, විදුලිය, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා, ප්‍රවාහන, ආරක්ෂාව සැපයීමට අවශ්‍ය සියලු කටයුතු ගෙන ඇතැයි පොසොන් කමිටුව සඳහන් කරයි.

එසේම බැතිමතුන් සුදුසු ඇඳුමින් සැරසී වන්දනාවේ පැමිණෙන ලෙසත් පුරාවිද්‍යා වස්තුන්වලට හානි සිදු නොකර පුදබිම්වල අපද්‍රව්‍ය නොදමා පිරිසිදුව තබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇතැයි ද පොසොන් කමිටුව පවසයි.


මෙම පුවත දිනමින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී

No comments:

Post a Comment