ප්‍රවීණ ටෙලි නාට්‍ය රංගන ශිල්පි ලොයිඩ් ගුණවර්ධන මහතා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වෙයි - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

ADS

Tuesday, July 31, 2018

ප්‍රවීණ ටෙලි නාට්‍ය රංගන ශිල්පි ලොයිඩ් ගුණවර්ධන මහතා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වෙයි

හඳුනාගත් දා පටන්, විටෙක සොයුරෙක් , විටෙක කල්‍යාණ මිත්‍රයෙක් මෙන් සිටි , දේශපාලනයත් , කලාවත් , කැටිකොට ජීවිතය ගත කළ , ප්‍රවීණ කලාකරු , ලොයිඩ් ගුණවර්ධන 
සහෘදයාණනි, ඔබේ අකල් වියෝව දරාගත නොහැක. 

මතු භවයෙදීත් හෙළ දීපයේම ඉපිද , හෙළ කලාවට සේවය කිරීමට හේතු වාසනා වේවා...!!!

ප්‍රවීණ ටෙලි නාට්‍ය රංගන ශිල්පි ලොයිඩ් ගුණවර්ධන  මහතා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අනතුරකින් තුවාල ලබා රාගම රෝහගේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති අතර මිය යනවිට ඔහු 55 වන වියේ පසුවුනා.

තිස් වසරකට  වඩා වැඩි කාලයක් පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයින් වසඟයට ගත් ඔහු වැඩසටහන් නිෂ්පාදනවරයෙකු මෙන්ම වේදිකා නාට්‍ය ශිල්පියෙකු ලෙසද කටයුතු කලා.

එමෙන්ම සිව්හෙළේ මාධ්‍ය ජාලය  හා සිව්හෙළේ ජාතික සංවිධානය සමග එක්ව රට දැය සමයේ සුරක්ෂිත භාවය ගොඩ නැගීම උදෙසා ඔහුගේ සහය නිරන්තරයෙන් ලැබුනා.

හඳුනාගත් දා පටන්, විටෙක සොයුරෙක් , විටෙක කල්‍යාණ මිත්‍රයෙක් මෙන් සිටි , දේශපාලනයත් , කලාවත් , කැටිකොට ජීවිතය ගත කළ , ප්‍රවීණ කලාකරු , ලොයිඩ් ගුණවර්ධන   සහෘදයාණනි, ඔබේ අකල් වියෝව දරාගත නොහැක.     මතු භවයෙදීත් හෙළ දීපයේම ඉපිද , හෙළ කලාවට සේවය කිරීමට හේතු වාසනා වේවා...!!!


මේ වන විට ලොයිඩ් ගුණවර්ධන මහතාගේ දේහය කොළොන්නාවේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද (2018-08-01) දිනයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

හඳුනාගත් දා පටන්, විටෙක සොයුරෙක් , විටෙක කල්‍යාණ මිත්‍රයෙක් මෙන් සිටි , දේශපාලනයත් , කලාවත් , කැටිකොට ජීවිතය ගත කළ , ප්‍රවීණ කලාකරු , ලොයිඩ් ගුණවර්ධන   සහෘදයාණනි, ඔබේ අකල් වියෝව දරාගත නොහැක.     මතු භවයෙදීත් හෙළ දීපයේම ඉපිද , හෙළ කලාවට සේවය කිරීමට හේතු වාසනා වේවා...!!!

ජනක තරංග හේවාසූර

No comments:

Post a Comment