මරණ දඬුවම නියම වූ සිරකරුවෝ කලබල වෙති - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

ADS

Saturday, July 14, 2018

මරණ දඬුවම නියම වූ සිරකරුවෝ කලබල වෙති

මරණ දඬුවම නියම වූ සිරකරුවෝ කලබල වෙති
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කිරීමත් සමඟ බන්ධනාගාරගතව සිටින මරණ දඬුවම් නියම වූ සිරකරුවන් දැඩි භීතියකට ලක්‌ව සිටින බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් මාධ්‍යට ඊයේ (2018-07-13 දා) පැවසීය.

මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට මෛත්‍රීපාල රජය තීරණය කර ඇති ආරංචිය ඇසීමත් සමඟ මෙම සිරකරුවන්ගේ හැසිරීම් රටාව වෙනස්‌ විය. සමහරු තැතිගෙන සිටිනවා. තවත් සිරකරුවන් වෙනදාට වඩා දැඩි නිශ්ෂබ්ද භාවයකින් සිටිනවා. මෙම හැසිරීම් රටාව අනුව ඔවුන් සිරකර සිටින සිර මැදිරි ප්‍රදේශයේ ආරක්‍ෂාව වෙනදාට වඩා වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා යැයි එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.  මත්කුඩු ජාවාරම්,
මිනීමැරුම්, සම්බන්ධයෙන් වැරදි කරුවන් බවට පත්ව මරණ දඬුවම් නියම වු සිරකරුවෝ 374 ක්‌ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටිති. ඔවුන් අතරින් තිදෙනෙක්‌ කාන්තාවෝ වෙති.

දිවයින ඇසුරෙන්

No comments:

Post a Comment