කෝටී දෙකක වාලමිපුරි දෙකක් සමඟ දෙදෙනෙක් අත් අඩංගුවට - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

ADS

Saturday, August 4, 2018

කෝටී දෙකක වාලමිපුරි දෙකක් සමඟ දෙදෙනෙක් අත් අඩංගුවට

කෝටී දෙකක මුදලකට අලවි කිරිමට සැලසුම් කල වාලමිපුරි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු කොටවිල පොලිසිය විසින් අත්අඩංගුවට.


ඊයේ  පස්වරුවේදි  මහරගම ප්‍රදේශයේ සිට දෙවුන්දර ප්‍රදේශයට ටයිටස් වර්ගයට අයත් වාලමිපුරි දෙකක් රුපියල්  කෝටි දෙකක මුදලකට අලවි කිරීමට  සැලසුම් කර..

  දක්ෂිණ අධිවෙිගි මාර්ගය ඔස්සේ පෞද්ගලික  බස්රථයක් මගින්     මාතර නගරය වෙත ගෙන එන ලදි.
පසුව ඔවුන්  ත්‍රී රෝද රථයක් මගින්  මාතර නගරයේ සිට දෙවුන්දර නගර වෙත යාමට  උත්සාහ ගත් මොහෙතේ  මාතර  කොටවිල පොලිසියේ නිලධාරීන් විසින්  සැකකරුවන් දෙදෙනකු සමග ටයිටස් වර්ගයට අයත් වාලමිපුරි දෙක  අත්අඩංගුවට ගෙන ඇත

මෙම සැකකරුවන් අතර මාතර පෙදෙසෙහි  වයස 22 ක  චීවරධාරී එක් අයකු  සහ බොරලැස්ගමුව    පෙදෙසෙහි  කායවර්ධන ආයතනයක් පවත්වාගෙන යන වයස 45 පුද්ගලයකු වන බව කොටවිල පොලිසිය තවදුරටත් පැවසීය,

 මෙම සැකකරුවන් දෙදෙනා  අද දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම වැටලීම  මාතර සහකාර පොලිස් අධිකාරි   බුද්ධික විජේසුන්දර මහතාගේ  උපදෙස් මත..    කොටවිල පොලිසියේ මුලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති  ලලිත් ද සිල්වා මහතාගේ  මඟපෙන්වීම යටතේ  උප පොලිස් පරික්ෂක  ජයරත්න , පොලිස් කොස්තාපල්  ( 90514 ) දිනෙෂ් , පොලිස් කොස්තාපල්  ( 35 209 ) රෝහිත  , පොලිස් කොස්තාපල්  ( 90139 ) ලක්ෂාන් , සහ කාන්තා පොලිස්  නිලධාරී  ( 3095) සුනාලි යන නිලධාරීන් විසින්  වැටලීම  සිදුකරන  ලද බව අප වාර්තා කරු තරංග  චානක මහතා තව දුරටත් අප වෙත පැවසීය.

තරංග චානක  විසිනි

No comments:

Post a Comment