මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍ය වරයා වශයෙන් දිවුරුම් දෙයි - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

ADS

Friday, October 26, 2018

මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍ය වරයා වශයෙන් දිවුරුම් දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍ය වරයා වශයෙන් මීට සුළු මොහොතකට පෙරාතුව දිවුරුම් දී ඇත.
මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි බව වාර්තා වූ අතර මේ වනවිට වාර්තා වන්නේ මහින්ද  රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍ය වරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇති බවයි.
..............................................
Update >>>


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වූ බව කතානායකවරයාට දන්වා යැවූ බව එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර පැවසී යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්විණ.

ඒ පිළිබඳ විමසීම සඳහා බීබීසී සිංහල සේවය කතානායක කරු ජයසූරිය ඇමතූ විට ඔහු කියා සිටියේ මෙතෙක් එවැනි දැනුම්දීමක් මෙතෙක් තමන්ට ලැබී නැති බවය.

මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ තවමත් රටේ අගමැතිවරයා බවය. කෙසේ වුවත් මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා බව අවධාරණය කරන ජනාධිපති කාර්යාලය, ඒ සමගම කැබිනට් මණ්ඩලය ද විසුරුවා හැරෙන බව සඳහන් කරයි.

"කුමන්ත්‍රණයක්"

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත්කරන මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා ලෙස පත්කිරීම හඳුන්වා දී තිබුණේ "ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණයක්" ලෙසිනි.  එය "ව්‍යවස්ථා විරෝධී" සහ "නීති විරෝධී" ක්‍රියාවක් බව ද හිටපු අමාත්‍යවරයාගේ පණිවුඩයේ දැක්වේ.


මේ අතර ෆේස්බුක් ඔස්සේ පණිවුඩයක් නිකුත් කරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල "අභියෝගයකට සහ තර්ජනයකට මුහුණ දී සිටින" බව සඳහන් කර තිබුණි.

සිය ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වූ පමණින් ආණ්ඩුව විසුරුවා හැරීමක් සිදු නොවන බව පෙන්වාදෙන නීතිඥ අජිත් පී පෙරේරා, එබැවින් අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සහ වනත් අගමැතිවරයෙක් පත්කිරීම "නීති විරෝධී" බවත් අවධාරණය කරයි.


BBC ඇසුරෙනි



No comments:

Post a Comment