LK Exam Result Android App එක නිර්මාණය කල ශිල්පියා සමග කල සාකච්ච. - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

ADS

Saturday, October 6, 2018

LK Exam Result Android App එක නිර්මාණය කල ශිල්පියා සමග කල සාකච්ච.

janaka tharanga hewasoora
අද වන විට ලංකාව පුරාත්  ලොව බොහෝ රටවල් තුලත් කතාබහට ලක්වුනු  සුවිශේෂී  ඇන්ඩ්‍රොයිඩ් මෙවලමක් නිර්මාණයකල සුවිශේෂී  චරිතයක් සමග සිව්හෙළේ මාධ්‍ය කන්ඩායමේ අපි සොඳුරු කතාබහකට  එක් වුනා..

ඒ අන්කවරෙකුවත්  නොව සිව්හෙළේ මාධ්‍ය ජාලය නිර්මානය කල  රට දැය සමය වෙනුවෙන් මහානර්ග යුග මෙහෙවරක් සිදු කරන ජනක තරංග හෙවාසූර මහතා සමගයි.
පහතින්  ඔහු පැවසූ සියල්ල ඒ අයුරින්ම අප ඔබ වෙත ලබා දෙන්නම්..

මම : ජනක මහත්මයා ආයුබෝවන් කියල ඔබතුමාව පිලිගන්නවා මුලින්ම.. මම මෙහෙම මාතෘකාවට එන්නම්.. මේ දවස්වල බොහෝදෙනෙක් කතා කරනවා LK EXAM RESULT APP එක පිලිබඳව..  මෙම නිර්මානය කලේ ඔබයි.. මට කියන්න මේ නිර්මාණය කරන්න  ඔබට අදහසක් පහල වුනේ කොහොමද?


ඔහු : ආයුබොහෝ වේවා...!! සංජීව මල්ලි ඒකනම් ටිකක් දුක්බර කතාවක්..  හ් හ් හ්..  මොකද මම 2017 කාලේ ගොඩක් ඉතිහාසය පිලිබද  ගවේශණ කටයුතුවල නියැලිලයි ඉදියේ..  කොහොම හරි ඒ දවස්වල  අපේ දුව පහේ විභාගේ ලියලා තිබුනේ කොයිවෙලෙත්  මට කරදර... result බලන්න මගේ දුරකථනේ ඉල්ලනවා.. pc එක අදිනවා.... වැඩ සේරම අවුල් කරනව... මේ.... රිසල්ට් ඇවිල්ල්ලත් නෑ... ඔන්න ඔය ගැටලුවට විසඳුමක් විදියට තමයි.. lk exam result ඇප් එක එලියට එන්නේ..

මම: බොහොම අපූරූ කතාවක්.. ඒත් කොහොමද ඔබ තුමා හිතන්නේ ඇප් එකක් හැදුවොත් විසදුමක් එයි කියල ජනක මහත්තයෝ.. 

ඔහු : මේ සංජීව මලන්ඩ  දෙයක් කියන්නද?මට මහත්තය කියන එක නතර කොරලා... අයිය කියහං එකටම හොදේ... 

මම : හරි අයියේ ඉතිං කියමුකෝ විස්තරේ..

ඔහු : ඔව් සංජීව මල්ලියේ.. මම බැලුව doenets අඩවියට පිවිස මේ risult බැලීම ටිකක් පරිශීලකයාට අපහසුයි.. මොකද ලංකාවේ බොහෝ ගොයියලා තාමත් තාක්ෂණය අවභාවිතයේ සිටින්නේ .. ඒ වගේම තාක්ෂ්ණික දැනුම මදි.. මම හිතන්නේ රජයෙන් නිසි දැක්මක් නෑ මේවා ගැන. අපේ අය කැමති ඕනිම දෙයක් ලේසියෙන් කරගන්න.. 
ඒ නිසා මම හිතුවා ඇප් එකක් නිර්මානය කරන්න මගේ දැනුම උපයෝගී කරගෙන.. ලේසිය පහසුව හා මගේ නිදහස කියන ඔක්කොටම විසඳුමක් විදියට..

මම : ඊටපස්සෙ ජනක අයියේ

ඔහු : ඉතින් ඔය ඇප් එක මම හදල මගේ දුරකථනයට දාල මම මගේ බිරිඳට දුන්නා.. ඕනි තරං බලන්න කියල.. මොකද පහේ කැලෑසියේ විභාගේ අම්මන්ඩිලාගේ විභාගෙනේ... දුවට වඩා හදිස්සි අම්මට... හ හ් හ් හ්..

මම : එතකොට කොහොමද LK exam result මහ ජනතාව අතරට යන්නේ..

ඔහු: උඹටත් ඕනි නති මංගල්‍යක් නෑ... ඉදිං බුලත් විටක් හපනකං..


මම : හරි එහෙනම් විටේ රස බලන ගමන් කතාවට බහිමුකෝ..

ඔහු : මල්ලි මම දැක්ක අම්මගෙයි දුවගෙයි තියෙන උනන්දුව සැප්තම්බර් මාසේ අග ඉදලම ඔබ ඔබා බලනව රිසල්ට් ඇවිල්ලද කියල.. ඉතිං මම කල්පනා කොලා.... මෙහෙම කී ලක්ශයක්  ඇද්ද? ලංකාවේ....  කියල. 

ඊටපස්සේ මම කල්පනා කලා මේක අනිත් අයටත් දෙන්න ඕනි කියල... අන්න ඒ නිසා තමයි  මම මේක 2017 සැප්තම්බර් මසේ අග දවසක google play store හී යෙදුවේ... 

හැබැයි එතකොට මම දැක්ක තවත් ඇප් එක දෙකක් තියනව... ඊට පස්සේ මම ඒවත් බැලුවා... මම දැක්කා විභාග ප්‍රතිඵල බලන අනෙක් ඇප් වල යම් යම් අඩුපාඩු...  ඊට පස්සෙ මම ඒ අඩු පාඩු මගේ නිර්මාණ්යෙන් හැකිතාක්  ඉවත් කරල පරිශීලකයාට ලෙහෙසි පහසු ආකාරයට හැදුවා.. ඒ වගේම O/L  A/l Grade 5  වගේම ගුරු විද්‍යාල විභාග ප්‍රතිඵල පවා එක්කලා..එතකොට ගොඩක් පහසුනේ..

මම : බොහොම වටිනව අයියෙ.. එතකොට ඔබ නිර්මනය කල ඇප් එක තුලින් ලැබෙන ප්‍රතිඵල  සටහන් 100% නිවැර්දි බවට ඔබට සහතික විය හැකිද?

ඔහු: ඔව් අනිවාර්යෙන්ම මොකද මම ඔතන කරල තියෙන්නෙ doenets අඩවියේ වින්ඩෝවන් එක් තැනකට ගැනීම පමනයි.. 
ලැබැන සියලු ප්‍රතිඵල සටහන් රජයේ විභාග දෙපාර්තමේන්තුව  විසින් නිකුත් කරනලද ප්‍රතිඵල සටහන්... මම හිතන්නේ මටත් වඩා හොදින් ඒක පරිශීලකයා  දන්නවා... හ හ්අ හ්හ්....

මම : එතකොට ඔබතුමාගේ නිර්මාණය මේවනවිට කොපමණ පිරිසක් භාවිතා කරනවද?

ඔහු:  හොඳ ප්‍රශ්නයක් සංජීව මලන්ඩ මේ වෙද්දි 100000 කට ආසන්න පිරිසක්  download කරල තියනව.. නමුත් තමන්ගේ වැඩේ කරගෙන ඉවර උනහම  20% විතර පිරිසක් මෙය ඉවත් කරනව ඔඋන්ගේ දුරකථනයෙන්.. ඒක අනුවන ක්‍රියාවක් විදියට මම දකිනව

මම: භාවිතයෙන් පසු 20% ක පිරිසක් මෙය ඉවත් කරන්නේ ඇයි?

ඔහු: ඔව් සංජීව මලන්ඩ ඒකට හේතුව තමයි තවත් බොහෝ දෑ මෙම LK exam result app එකට එකතු වියයුතුයි කියන පණිවිඩය පරිශීලකයා මට දෙනවා..


මම : ඒවෙනුවෙන් නවසංස්කරණයක් ඔබ තුමා ඉදිරියේදී කරනවද? ඒ වගේම දැනට lk exam result app එකේ තියන පහසුකම් මොනවද?

ඔහු :  ඔව් මල්ලි දැනට අපේ ඇප් එකෙ අපේ සිව්හෙළේ රේඩියෝව තියනවා.. එමගින් පාසල් දරුවන්ට බොහොම වටිනා ඉතිහාස කරුණු බුදුදහම පිලිබඳ , වෙනත් විෂය කරුණු අප ප්‍රචාරනය කරනවා... ඒක පාසල් දරුවන්ට විශ්වකෝෂයක් බදුයි..

ඒවගේම මල්ලි LK Exam result App එකේ අපි එකතු කරල තියනවා..  ට්‍රාන්ස්ලේටර් එකක්.. එමගින් ඉංග්‍රීසි භාශාව වැඩි දියුණු කරගන්න පුලුවන්... ඒ වගේම මේ සියල්ල ඉතා පහසුවෙන් භාවිතා කල හැකි ආකාරයෙන් නිර්මානය කරලා තියනවා...

මම : එතකොට අලුතින් මෙම ඇප් එකට එකතු කරන්න බලාපොරොත්තු වෙන්න්නෙ මොනවද?

ඔහු :  අහ් මලේ  ඒකනම් කියන්න චූට්ටක් අමාරුයි මොකද  කොපි කරන එක ලංකාවේ අයගේ සිරිතක් වෙලා... 
මම මෙතන උබට ඒක කිව්වහම  උබ වෙබ් එකට දානවා.. ඊටපස්සේ මගේ නිර්මානය කවුරුහරි උස්සල විකුර්ති කරල ජනගත කරනවා... ඊටපස්සේ වැඩේ අවුල්...  

මොකද මම දැක්ක මෙවැනිම ඇප්ස් එහෙම දැං දැං ගොඩක් තියනවා..
නමුත් ඊලග update එකේදී සුවිශේෂී  පහසුකම්  රාශියක් එකතු කරනවා... දරුවන්ට වැදගත් වෙන.. 

අන්න ඒ නිසා හැමෝටම කියන්න තියෙන්නෙ  අපිත් එක්ක නිරතුරුව ඉන්න කියන එක.. අපේ සේවාව හොඳයි නම් පමණක්..

මම : හරි  තවත් එක් ප්‍රශ්නයක් අහන්නම්... ඔබ මේ  ඇප්ස් නිර්මාණය.. වෙබ් නිර්මාණය, ගුවන් විදුලි විකාශනාගාරයක් නිර්මානය කිරීම ආදී තවත් බොහෝ තාක්ෂණයන් ඉගෙන ගත්තේ කොහොමද?

ඔහු : මල්ලි මම වුර්තියෙන් විදුලිකාර්මිකයෙක් ඔයා ඇහුවේ මගේ කටුක ජීවිත කතාවයි.. අන්න ඒ නිසා මම මේ සියල්ලට කෙටි පිලිතුරක් දෙන්නම්.. බොහෝ දෑ  මම ඉගෙන ගත්තේ තනිවම.. මගේ ගුරුවරයා මම.. ඔච්චරයි..

වෙනම සංවාදයකින් අපි ඒ ගැන පැහැදිලිව කතකරමුකෝ...


මම : හරි එහෙනම් අද සංවාදය මෙතනින් නිමා කරනවා සිව්හෙළේ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ජනක තරංග හේවාසූර මැතිතුමනි. එනමුත් ඊලග සංවාදයට අප ඔබ හමුවට අනිවාර්‍යෙන් එනව.. බොහොම ස්තූතී ඔබට.. 

ඔබගේ ඉදිරි කටයුතු සඵල වේවා...!! හෙළ අනන්‍යතාවය නවීන තාක්ෂණය මුසු කරමින්  ලොවටම ගෙන යන්න ඔබට ශක්තිය ලබේවා..!!!


ඔබ ඉහතින් කියෙව්වේ 2018/ 10/07 උදෑසන 7ට පමණ අප ජනක මහතා සමග කල සංවාදයයි.. මෙවැනි නිර්ව්‍යාජ තම රට දැය සමය වෙනුවෙන් ඇප කැප වෙන සුජාත හෙළ පුත්‍රයන් තව තවත් මේ මාතෘභූමියේ පහල වේවා....  කියමින් අප ඔහුට සමු දුන්නේය..

සැකසුම : සංක ජයලාල්
සංවාදය : සංජීව ගුණසේකර
ජනගත කලේ : සනත් චන්දන




No comments:

Post a Comment