සදා වන්දනීය ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරයි - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

ADS

Friday, January 4, 2019

සදා වන්දනීය ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරයි

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අද(05) දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම ජාතික උත්සවය මාතලේ ඓතිහාසික අලුවිහාරයේදී අද පෙරවරුවේ සිදු කෙරුණු බවයි.

වසර දහස් ගණනක් පුරා රැගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසි ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කර පවත්වාගෙන යාම මෙහි අරමුණ වෙයි.

ක්‍රිස්තු පූර්ව තුන් වන සියවසේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙස උරුම වූ ථෙරවාදි ත්‍රිපිටකය රාජ්‍ය ගෞරවය ලබමින් ශත වර්ෂ ගණනාවක් මෙරට තුළ පෝෂණය විය.

විවිධ අභියෝග මැද සුරක්ෂිතව රැගෙන ආ ත්‍රිපිටකය ක්‍රිස්තු පූර්ව පළමු සියවසේදී ලෝකයේ පළමු වරට තල්පත්වල ලේඛනාරූඩ කර ඇත්තේ ද මාතලේ අලුවිහාරයේදී බව සඳහන්ය.

මහා සංඝරත්නය දෙදහසකට අධික පිරිසකගේ  සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවයට සමගාමිව දිවයින පුරා විරාස්ථානවල දි ආගමික වතාවත් සංවිධානය කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.








Article Source :http://sinhala.adaderana.lk/news.php?nid=101835


No comments:

Post a Comment