සිව්හෙළේ ජාතික සංවිධානයේ ශෝක පණිවිඩය - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

ADS

ADS

Sunday, April 21, 2019

සිව්හෙළේ ජාතික සංවිධානයේ ශෝක පණිවිඩය




අද දින පෙරවරුවේ සිට දිවයින පුරා විවිධ ස්ථාන වල සිදු වූ ත්‍රස්තවාදී  ප්‍රහාර තුලින්  215 ක් පමණ  මිනිස් ජීවිත අපට අහිමි වුනා.
තුවාල ලැබ රෝහල් ගත වූ පිරිස 500 කට අධිකයි .

මේ පිරිස අතරට  විදේශිකයන්ද ඇතුලත් උනා.

 සිව්හෙළේ මාධ්‍යය ජාලය හා සිව්හෙළේ ජාතික සංවිධානය වශයෙන් අප මෙවැනි සාහසික ම්ලේච්ච ක්‍රියා දැඩිව හෙලා දකිනවා..

මිය ගිය සියලු දෙනා වෙනුවෙන් ඔවුන්ගේ  පවුල් වෙත අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිනිවා,

   ඒ වගේම තුවාල ලැබ රෝහල් ගතවූ සියලු දෙනා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිනවා.

විශේෂයෙන්ම  අද දින පාස්කු දේව මෙහෙයට සහභාගී වීමට ගොස්  අනතුරට ලක් වූ අපගේ සහෝදර කිතුනු  බැතිමතුන්  හට අපගේ  බලවත් කණගාටුව  ප්‍රකාශ කර සිටින අතර  මෙවන් වූ සාහසික ක්‍රියා නැවත සිදු නොවන්නට  අදාල බලධාරීන්ගේ  අවධානය යොමු වියයුතු බවත්  මෙම සාහසික ක්‍රියා දාමයට සම්බන්ධ වූ සියලුදෙනා හට තරා තිරම කුමක් උවත්  දැඩි දඩුවම් ලබාදෙන ලෙසට  ද අප රජයෙන් ඉල්ලා සිටිනවා.


එමෙන්ම  මෙම අවස්ථාවේදී බොරු ප්‍රචාර වලට නොරැවටී ඉතාම සාමකාමී ලෙස  ආරක්ෂක  අංශ වල  නිලධාරීන් හට එම කටයුතු කර ගැනීමට  සහයෝගය ලබාදෙනමෙන් අප සියලු ජනතාවගෙන් කාරුණිකව  ඉල්ලා සිටිනවා.




janaka tharanga hewasoora




No comments:

Post a Comment

ADS