වැල යන අත කොහෙද...? | පලමු ලිපිය - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

Saturday, May 4, 2019

වැල යන අත කොහෙද...? | පලමු ලිපිය

වැල යන අත කොහෙද...?
siwhele


ගිණිය නොහී තරම් කාළයක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන මේ රටේ නිවැරදි ඉතිහාසය සහ ඉතිහාස කතාව කුමක්ද යන්න පිළිබඳව දැන උගෙන ගැන්මට මෙරටේ වාසය කරන උපනූපන්න මනුෂ්‍යයින්ට අයිතියක් ඇත.

මහා වංශය, චූල වංශය,ථූප වංශය, දීප වංශය ආදී කොට ඇති ග්‍රන්ථවල ලියා ඇති හැම දෙයක්ම ඇත්ත නොවන බවට සාක්ෂි සාධක එමට ඇත. 
ඉන් එකක් මෙලෙස සඳහන් කරමි.
විජය ඇතුළු පිරිස ලංකාවට පැමිණ මේ රටේ ඉතිහාසය ආරම්භ කළ බව ප්‍රකට සහ සම්මත කතාවයි. 

එහෙත්,  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික ත්‍රිකෝණය එක්ව අනුරාධපුර ථූපාරාමය ඉදිරිපිටින් සංඝමිත්තා මාවතේ සල්ගහවත්ත යන ස්ථානයේ සිදු කළ කැණීමෙන් හමු වන මාළිගය ඒ ඉතිහාසය එහෙම පිටින්ම මුසාවක් බවට පත් කරයි.

ඒ මාළිගය විජයාගමනයට අවුරුදු 700 කට පෙර තිබූ මාළිගාවක් බවත්, එම මාළිගයේ තිබී හමු වූ කැබිලිත්තක "අනුරාධ" යන නම සටහන්ව තිබීමත් හරහා පර්යේෂණ මෙහෙයවන පුරාවිද්‍යාඥයන් පැහැදිළි කරගන්නේ "අනුරාධපුර" යන නම "විජය" සමඟ පැමිණි අනුරාධ ඇමතියාගෙන් පැවතෙන්නක් නොවන බවය.


එය සොයාගැනීමත් සමඟ ඉන්දියාවෙන් එල්ල වන දැඩි බලපෑම අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඩෙංගු උවදුර පිළිබඳවත් තවත් විවිධ බලපෑම්ද එල්ල කරමින් එම ව්‍යාපෘතිය නවතා දමයි.
ඒ අනුව පැහැදිළි වන්නේ මේ රට ඉන්දියානුවන්ගෙන් පැවැත එන්නක් බවට වූ කතාව වෙනස් වීමට ඉන්දියානු විරෝධයක් ඇති බවත්, ඊට බියෙන් මෙරට ආණ්ඩුව එම ව්‍යාපෘතිය අකුලාගත් බවත් ය.

එය එක් සිදුවීමක් පමණකි. මෙවැනි සිද්ධි තවත් බොහොමයක් ඇත.

මෙරට රූපවාහිණී නාලිකාවලින් බහුතරයක් දවසේ ගුවන් කාළයෙන් වැඩි හරියක් ගෙවා දමන්නේද ඉන්දියානු නාට්‍යවලිනි.
මෙරට කාන්තාවන් අඳින ඇඳුම්වලින් බහුතරයක්ද ඉන්දියානුය.
මෙරට භාවිතාවන යතුරුපැදි, තුන්‍ රෝද රථ, මෝටර් කාර් බහුතරයක් ද ඉන්දියානුය.

මෙරටින් පිට රට සංචාර සඳහා යන බහුතරයක් යන්නේද දඹදිවටය.
මෙරට දේශපාලන නායකයින් ආගමික කටයුතු සඳහා යන්නේද ඉන්දියානු කෝවිල් දේවාලවලටය.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයින්ගේ ලංසුව තීරණය කරන්නේද ඉන්දියාවය.
මෙරට නායකයෝ කැස්සට හෙම්බිරිස්සාවට ඉන්දියාවට කතා කළත් ඉන්දියානු නායකයෙක් මෙරටට එන්නේ හාවා හඳ දකින්නා වාගේය.

මේ සියළු කරුණු කාරණා සළකා බැලීමේදී පැහැදිළිවන දෙයක් ඇත. එනම් මෙරට රාජ්‍ය පාලකයා ඉන්දියාවට බයය. නටන්නේ ඉන්දියාව කියන හැටියටය. යාපනේ දුම්රිය මාර්ගය හදන මුවාවෙන් පැමිණ පදිංචි වූ ඉන්දියානුවන්ගෙන් අනාගතයේදී එන ව්‍යසනය අහක යන නයි රෙද්දේ අස්සේ දාගෙන කනවා කනවා යැයි කෑ මොර දීමට සිදු වන දවස වැඩි ඈතක නැත.

ඒ ඉන්දියාවේ කතාවය.

1977 ජේ ආර් ගේ විවෘත ආර්ථිකයෙන් පසු හෙළ කාන්තාවන් වහල් සේවය සඳහා අරාබියට පටවන්නට පටන් ගනී.
එදා පටන් අද දක්වා අරාබි වහල් සේවයේ සිටින කාන්තාවන් ප්‍රමාණයේ සාමාන්‍ය අගය ලක්ෂ අටට අඩු වුනේ නැත.

වහල් සේවයේ යෙදුන කාන්තාවන්ගේ පවුල්වල ආර්ථිකය සරුසාර වූයේ හෝ සමෘද්ධිමත් වූයේ කොතැනදැයි සොයා බැලූ විට උත්තරය 0 ය. අඩු වයස් විවාහද, මතට ඇබ්බැහි වීම් ද, HIV ඇතුළු සමාජ රෝග ව්‍යාප්තියද, කන්ටේනර් පිටිං එන කසළ ද, බන්ධනාගාර රැඳවියන්ද, අච්චු වූවන්ද වැඩි වූවා සහ මෙරටට දායාද වූවා මිසක අඩු වීමක්ද නැත.

එසේම "බ්ලීචින්" වැඩිමනක් අඩංගු රූපලාවන්‍ය ක්‍රීම් වර්ග සහ "ඇල්කොහොල්" ප්‍රතිශතය වැඩිමනත් අඩංගු සුවඳ විලවුන් වර්ග අලෙවියද මාෆියාවක් ලෙස මෙරට වෙළෙඳපොල තුළ ක්‍රියාත්මක වීමද වහල්.සේවයේ අතුරු ප්‍රතිඵලය.

බරපතලම කාරණය වන්නේ හෙළ ජනගහන වර්ධන වේගයේ පාලනයයි. 

ලක්ෂ අටක් කාන්තාවෝ වසර දෙකහමාරකට වරක් දරුවන් දෙදෙනෙකු හදන්නේනම් වසර පහකදී දැයට දායාද වන දරුවන් ප්‍රමාණය දෙකකි. එය ලක්ෂ අටෙන් වැඩි කළ විට ලක්ෂ දාසයකි. 1977 - 2017 වසර හතලිහට පහේ ගුණාකාර අටකි. එනම් ලක්ෂ දාසයේ ඒවා අටකි. එනම් එක්කෝටි අටලක්ෂයකි. 
කොටින්ම වහල් වෙළෙඳාම හරහා එක්කෝටි අටලක්ෂයක් සිංහල ජාතියට දරුවන් අහිමි කර ඇත.

එක් අතකින් ඉන්දියාවට අප යටත් ය. තව පැත්තකින් අරාබියට අප යටත් ය.

මෙයින් මේ රට බේරාගන්නේ කෙසේද..? මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්නේ කෙසේද..?
ඔබේ අදහස් මම බලාපොරොත්තු වෙමි.

මේ ලිපි පෙළක පළමුවැන්නයි. මේ ලිපිය ලියන්නට මට ආරාධනා කළ සිව්හෙළේ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ජානක තරංග හේවාසූර මහත්මාට මම ස්තූතිවන්ත වෙමි. රාජ්‍ය මාධ්‍ය, පුද්ගලික මාධ්‍ය සහ විදෙස් මාධ්‍ය සමග උරෙනුර ගැටෙමින් ඇත්ත යථාර්තය මතු කරමින් සැබෑ සත්‍යය ලොවට දෙන්නට කරන කැප කිරීම ගැන. ඊළඟ ලිපියෙන් හමු වෙමු.

සුසඳ මාධ්‍ය ජාලයේ සභාපති,
කලා විභූෂණ, ආචාර්ය සුසන්ත රණුක කුමාරසිංහ.

No comments:

Post a Comment

ADS