සිවුරු පෝර උර 5ක් සහ පාත්‍ර105ක් සමග මුස්ලිම් ජාතිකයන් 2ක් අත්අඩංගුවට - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

Thursday, May 2, 2019

සිවුරු පෝර උර 5ක් සහ පාත්‍ර105ක් සමග මුස්ලිම් ජාතිකයන් 2ක් අත්අඩංගුවට

සිවුරු පෝර උර 5ක් සහ පාත්‍ර105ක් සමග මුස්ලිම් ජාතිකයන් 2ක් අත්අඩංගුවට

බලපිටිය රේවත පාරේ නිවසක සැක සහිත ලෙස ගබඩා කර තිබූ සිවුරු සහ පාත‍්‍ර තොගයක් ඊයේ රාති‍්‍ර කළ සෝදිසියකදී සොයා ගෙන තිබෙනවා. යුද හමුදාව, නාවික හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්වයි මෙම සෝදිසිය සිදු කර ඇත්තේ. සිවුරු තොගය පොහොර උර පහක සගවා තබා තිබුණා. 

පාත‍්‍ර එකසිය පහක් ද එහි තිබී සොයා ගැණුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. මෙම නිවසේ සිටි පුද්ගලයින් 2ක් ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙකු මොහොමඞ් නිලාම් මොහොමඞ් රියාස් නැමති අයෙක්. අනෙක් පුද්ගලයා මොහොමඞ් මන්සූර් මොහොමඞ් රිස්ලාන් නමැත්තෙකු ලෙස හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම සෝදිසියේදී තවත් පුද්ගලයෙකු මන්නයක් සමග අත්අඩංගුවට ගැනුනු බව නෙත් වාර්තාකරු වැඩි දුරටත් පවසනවා. ඔහු සමිත් ඞීන් හෙවත් බබා නමැත්තෙකු ලෙස හදුනාගෙන තිබෙනවා

No comments:

Post a Comment

ADS