අත් අඩංගුවට ගත් ලිපි සකස්කලේ මගේ අමාත්‍යංශයෙන් | ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල කියයි - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

Friday, May 3, 2019

අත් අඩංගුවට ගත් ලිපි සකස්කලේ මගේ අමාත්‍යංශයෙන් | ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල කියයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගන්නා ලද ලිපිය  සකස් කර ඇත්තේ තම අමාත්‍යාංශය විසින් බව රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කර ඇත.

අදාල ලිපිය කිසි ලෙසක රාජ්‍ය විරෝධී තොරතුරක් නැති බව පැවසූ ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා ඇත්තේ එය වෙබ් අඩවියකින් උපුටා ගන්නා ලද එකක් බවයි

නමුත් එම ලිපිය බෙදා හැරීම ගැන තමන් දැනුවත් නැතැයිද ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා සදහන් කර ඇත.

කෙසේ වෙතත් මධ්‍යම තැපැල් හුවමාරුවේදී ලිපි හයසීයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අද(03) කොළඹ අපරාධ කොට්ඨාශය වෙත බාර දී ඇති බව වාර්තා වෙයි

ඊයේ (02) මෙම ලිපි තොගය සමඟ සැකකරුවන් තුන්දෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර අදාළ ලිපි තොගය ලංකාව පුරා ඇති විවිධ විහාරස්ථානවලට යොමු කර තිබී ඇති බව වාර්තා විය.

උපුටා ගැනීම : aruna.lk සහ lankacnews.com


No comments:

Post a Comment

ADS