අධික වර්ශාව සහ සුළග නිසා හොරණ මහ උඩුව කපුගේ මුල්ල ප්‍රදේශයට දැඩි හානි - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

Saturday, November 16, 2019

අධික වර්ශාව සහ සුළග නිසා හොරණ මහ උඩුව කපුගේ මුල්ල ප්‍රදේශයට දැඩි හානි

හොරණ මහ උඩුව කපුගේ මුල්ල සහ අවට ප්‍රදේශයන් හට  2019/ 11/16 වන අද දින  සවස ඇද හැලුනු අධික වර්ශාව නිසා  හොරණ ඕවිටියාගල  මාර්ගයට  දැඩි අලාබ හානි සිදුවී ඇති අයුරු  සිව්හෙළේ   කැමරා කාචයට  හසු වුනා.
ඒ අතර අවට නිවාස රැසකටද ගස් කඩා වැටීම නිසා  දැඩි අලාභ හානි සිදුවී ඇති අයුරු  අප වෙත දැකගන්නට ලැබුනා.
  ඒ අතරින්  ආනන්ද සුභසිංහ මහතාගේ සහ  ගුණසේන බැද්දගේ මහතාගේ  නිවෙස් වලට  දැඩි ලෙස හානිවී තිබෙනවා. එමෙන්ම මෙම ප්‍රදේෂයේ විදුලි රැහැන් පද්ධති තුලට ගස් කඩා වැටීම නිසා  මුලුමනින්ම විදුලිය ඇනහිට තිබෙනවා.

කෙසේ වෙතත්  අද 7වන ජනාදිපතිවරයා තෝරාපත්කරගන්නා  දිනය උනත් හොරණ මහ උඩුව  වවුලගල, කපුගේමුල්ල ආදී   ප්‍රදේශ වල  විපතට පත් ජනතාව පාට පක්ෂ බේදයකින් තොරව සාමූහිකව කටයුතු කරන ආකාරයක් අපට දක්නට ලැබුණා.








ජනක තරංග හේවාසූර විසිනි



No comments:

Post a Comment

ADS